නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ
ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (31) ගොපාල්පුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ මාතලේ, ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන ඒසීඑම් මුත්තකීන් හා 18 වන වියේ පසු වන සාජාන්ද්රම් යන පුද්ගලයන් වේ.

