නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහාය විය. එම ධීවරයින් පිරිස අද (4) උදෑසන කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රාජ්තරංග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි. ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්රාව ඒ සඳහා සහභාගී විය.





