ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ඊයේ (3) සහ අද (4) ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පවත් වන ලදි. මෙහි ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගි විය.
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද මෙම අභ්‍යාසයේ අරමුණු අතර ඉන්දියානු සාගර කළාපයේ පවතින බහුජාතික සාගරික තර්ජනයන්, සාගරික නීති පිළිබද එක්සත් ජාතින්ගේ සම්මුතිය, වෙරළ ආරක්ෂක බළකායේ ක්‍රියාකාරිත්වය, සමුද්‍රීය දුෂණය සහ වාර්ථමාන නීතිරිති පිළිබඳ දියත් විධානයේ දැනුම පුළුල් කිරීම මෙහීදි සිදු කෙරෙණි. තවද මෙම අභ්‍යාස තුළින් දියත් විධානයේ නිලධාරීන් 40 දෙනෙකුට සහ මේ සඳහා සහභාගි වූ බාහිර පාර්ශවකරුවන් සඳහා සාගරික නීතිරිති පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය, සාගරීක පරිවාහනයේදී සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩපැවැත් වීමේ සම්මුතිය සහ සාගරික සමුද්‍රීය දුෂණය යන අවස්ථා පාදක කර ගනමින් සංවිධානය කර තිබු අභ්‍යාස ද පැවැත් විය.
සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ සමාන්‍ය අධිකාරි ආචාර්ය ටර්නී ප්‍රදීප් කුමාර මහතා, ශ්‍රී ලංකා වාරය අධිකාරියේ ආරක්ෂක අධ්යක්ෂ මේජර් ජනරාල් (විශ්‍රමික) නිශ්ශංක විජේසිංහ මහතා, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් කොමදෝරු සුජීව පෙරේරා මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගගනගාමී මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වින් කොමාණ්ඩර් වීඑස් ජයකොඩි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමෙන්තුවේ කළමණාකාර අධ්යක්ෂ එම් මාකස් මහතා, ත්‍රිකුණාමලය අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අනුර විරාජ් දිසානායක මහතා ඇතුළු දියත් විධානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ද මේ අභ්‍යාස සඳහා සහභාගි විය.
















