නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි විජය නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 3 වන දින උඩප්පුව සහ මාම්පුරි අතර මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්රා 4 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් ඔක්සිජන් සිලින්ඩර් 45 ක් , කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 6 සහ මුහුණු ආවරණ 6 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.








