වෘත්තිමය සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනක් සහ උපදේශක වෛද්‍යවරුන්ගේ සුහද හමුවක් උතුරු නාවික විධානයේදී පවත්වයි
උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂණ වැඩසටහනක් 2016 නොවැම්බර් මස 1 සහ 2 යන දිනයන් හිදී කන්කසන්තුරෙයි පිහිටි උතුරු නාවික විධාන මුලස්ථානයේදී පවත් වන ලදි. මෙම වැඩසටහන සෞඛ්‍ය හා ආරක්ෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය සහ කම්කරු අමාත්‍යංශයේ කොමසාරිස් වරයෙකු වන වෛද්‍ය වජිර පලීපාන මහතා විසින් මෙහෙවන ලදි. බොහෝමයක් තාක්ෂණික නැඹුරු සේවාවන් සම්පාදනය කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තිමය සෞඛ්‍ය හා ආරක්ෂණ තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට මෙම වැඩ සටහන ඉවහල් වනු ඇත.
මේ අතර යාපනය ශික්ෂණ රෝහලට, පේදුරු තුඩුව සහ කිලිනොච්චි රෝහල් වලට අනුයුක්තව සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදු කරනු ලබන සේවය අගය කරනු පිණිස සංවිධානය කරන ලද සුහද හමුවක් කරෙයිනගර් හී පිහිටි ෆෝර්ට් හැමන්හීල් නාවික හමුදා අවන්හලේදී පසු ගිය (3) වන දින පවත්වන ලදි. මේ සදහා සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූ අතර, ඒ සඳහා සම අනුග්‍රහය CCL ඖෂධ ආයතනය විසින් දරණ ලදි.








