නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) මුහතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු, මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 3 ක් සහ තහනම් දැල් 3 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, එදිනම උතුරු නාවික විධානයට අයත් පේදුරු තුඩුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මාමුනායි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මුහුදේදී අනවසරයෙන් ධීවර කටුයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අංඩගුවට පත් ධීවරයින් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරු තුඩුව ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.




