නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (8) පල්ලෙමුනේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
කුඩා යාත්රා (තෙප්පම්) 4 ක්, සහ මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් තහනම් දැල් 4 ක් එහිදී අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




