227 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 297 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 227 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 297 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (12) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සහභාගී විය. මෙම අවස්ථාවට උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, උතුරු මැද නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු උපුල් ද සිල්වා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.
ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානෝත්සවයක්ද සිදු කෙරිණි. එහිදී 227 වන බඳවාගැනීමේ හොඳම නාවිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි ඒඑච් අතපත්තු කුසලාන හිමිකර ගන්නා ලදී. ආධුනික නැවි පීඩබ්ඩීඑම් රූපසිංහ හොඳම වෙඩික්කරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මෙයට අමතරව ආධුනික නැවි එම්වීපිපි මාවත්ත සහ ආධුනික කාන්තා නැව් එච්ඒකේ හසරංගි හොඳම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි කුසලාන දිනාගත් අතර, දුටුගැමුණු අංශය හොඳම අංශය බවට තේරී පත්විය.
විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා, දූපත් රාජ්‍යයක් වන අප මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් දරණ බවත්, රටෙහි පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා තාක්ෂණයෙන් පිරිපුන් වෘත්තීමය හමුදාවක් ලෙස නාවික හමුදාව මුහුදේ මෙන්ම ගොඩබිමෙහි සිදු කළ මෙහෙයුම් මනා සේ දායක වූ බවද සඳහන් කරන ලදී. එමෙන්ම අප අද භුක්ති විඳින නිදහස අනාගත පරපුරට ද උරුම කර දීම සඳහා කැපවිය යුතු බවත්, රටේ සංවර්ධන ක්රියාවලියෙහි ද සෘජු කොටස්කරුවන් වෙමින් අපගෙන් විය යුතු සේවාව ඉටු කිරීමට අප අදිටන් කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙන ලදී. සාර්ථක පුහුණුවකින් පසුව අද දින විසිර යන නාවිකයින්, තමන් උගත් න්‍යයාත්මක සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් හා නාවික හමුදාවේ උසස් සම්ප්‍රදායන් අනුගමනය කරමින් මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට කැපවිය යුතු බව ද සඳහන් කර සිටි එතුමන්, රට ජාතිය වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාවට තම දරු දැරියන් දායාදක< දෙමාපියන් හට නාවික හමුදාධිපතිතුමන් වෙනුවෙන් සිය ගෞරවය හා ප්‍රණාමය පුද කරන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.









