වැදගත් සිදුවීම්

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (13) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 21 - 13 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.

14 Nov 2016

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (13) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

13 Nov 2016

227 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 297 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 227 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 297 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (12) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සහභාගී විය.

13 Nov 2016