සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා වසරක් සපිරිරේ; නාවික හමුදාව කෝටි 233 ක ආදායමක් රජයට උපයා දෙයි
සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.
සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 වසරේ නොවැම්බර් මස 13 වනදා සිට නාවික හමුදාව වෙත පැවරුණු අතර, 2016 නොවැම්බර් මස 13 වන දිනය වන විට නැව් වාර 6,646 කින් රුපියල් කෝටි 233 කට අධික මුදල් ප්‍රමාණයක් උපයා ඇත. ඒ අනුව, ගාල්ල සහ කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් පිළිවෙලින් ගමන් වාර 6150 සහ 496 ක් සිදු කර ඇති අතර, දළ වශයෙන් මසක් තුළ ගමන් වාර 554 ක් පමණ සිදු කර ඇත.
සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සිදු කිරීමෙන් උපයාගත් එම ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
පෙර පැවති ආරක්ෂක ගිවිසුම අවලංගු වීමත් සමග වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීම සහ වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව සැපයීම සඳහා ආරක්ෂක සමාගම් වෙත සේවා සැපයීම යන කර්තව්‍යයන් නාවික හමුදාව වෙත පැවරිණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයක් මත එම කටයුතු නාවික හමුදාව විසින් භාර ගන්නා ලදී.
එම රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව වෙළඳ නෞකාවන්හි සාගරික ආරක්ෂක රාජකාරීන් සඳහා ගිනි අවි සහ පතරොම් ලබා දීම නාවික හමුදාව සතු ප්‍රධාන රාජකාරිය විය. එමෙන්ම, අධි අවදානම් කලාප හරහා නිරන්තරයෙන් යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්හි ආරක්ෂක අවශ්‍යතාවයන් ගාල්ල සහ කොළඹ ප්‍රදේශයන් හරහා ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් කටයුතු කර ඇත.
තවද, මෙමගින් ගාල්ල සහ කොළඹ යන මෙහෙයුම් මධ්‍යස්ථාන ඔස්සේ අවි ආයුධ ලබා ගැනීම, රදවා ගැනීම නිකුත් කිරීම සහ ඒහා අනුබද්ධ අනෙකුත් ආරක්ෂක සේවාවන් දේශීය මෙන්ම විදේශීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සපයනු ලැබේ.














