වැදගත් සිදුවීම්

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා වසරක් සපිරිරේ; නාවික හමුදාව කෝටි 233 ක ආදායමක් රජයට උපයා දෙයි
 

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.

14 Nov 2016

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

14 Nov 2016