වැදගත් සිදුවීම්

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ෆීජි දූපත් රාජ්‍යයේ ආරක්ෂක සේවා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අසීස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Nov 2016

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Nov 2016