වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
20 Nov 2016
නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
19 Nov 2016


