නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම පළමු විදෙස් ශූරතාවය දිනා ගනියි
මෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනා ගැනිමට සමත් විය. මෙය ශ්‍රී ලාංකික කාන්තා බේස්බෝල් කණ්ඩායමක් විදෙස් රටකදී ලබා ගත් පළමු බේස්බෝල් ශූරතා ජයග්‍රහණය බවට ඉතිහාසයට එක් වනු ඇත.
තායිලන්ත බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී සහභාගී වූ සියළුම කණ්ඩායම් පරාජය කිරීමට නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර අවසාන මහා තරඟය, තායිලන්තයේ කසෙට්සාර්ට් විශ්වවිද්‍යාල කණ්ඩායම සමග පැවැත්විණි. එහිදී, තියුණු තරඟයකින් පසු 8 ට 7 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහනය තහවුරු කරගන්නා ලදි.
මෙම සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය, කොළඹ නැව් තඨාකංගනය, ලංකා බැංකුව, මෙට්‍රොපොලිටන් පුද්ගලික සමාගමේ කොළඹ ශාඛාව මෙන්ම නාවික හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක කපිතාන් ප්‍රදීප් රත්නායක මහතා, නාවික හමුදා බේස්බෝල් සංචිතයේ වත්මන් සභාපති, කොමදෝරු උදේනි සේරසිංහ මහතා සහ එහි ලේකම්, ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා ද මහත් දායකත්වයක් ලබා දෙන ලදී.





