වැදගත් සිදුවීම්

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2016 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) පැවැත්විණි.

22 Nov 2016

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ සහ ගලෙන්බිදුනුවැව කොකාවැව ගම්මානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි.

21 Nov 2016

නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම පළමු විදෙස් ශූරතාවය දිනා ගනියි
 

මෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනා ගැනිමට සමත් විය.

21 Nov 2016