ඇමරිකානු නාවික හමුදාවේ "සමර්සෙට් " යුද නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට්" යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දින 4 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ ඇති විශේෂ ස්ථාන නැරඹිමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව නාවික අභ්‍යාසයන් කීපයක් සිදු කිරීමට ද එහි නැව් මුළුව එක් වනු ඇති අතර, සොමෙර්සෙට් නෞකාව නොවැම්බර් මස 26 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.





