ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් රෝමන් කොඩ්ලීග් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් සඳහා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ විලියම් බොට්රෙල් මහතා ද සහභාගී වී සිටියහ.





