නාවික හමුදාවේ කයක් යාත්‍රා යුද හමුදාව වෙත ලබා දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාශ්‍රිත මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන ලද “කයක්” වර්ගයේ අංග සම්පූර්ණ කුඩා යාත්‍රා 8 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ප්රදානය කිරීම පසුගිය 19 වන දින මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, යුද හමුදා විශේෂ බලකායේ ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදා අධ්යක්ෂ නාවික පුහුණු සහ රුවල් හා පැදි යාත්‍රා සංචිතයේ සභාපති, කොමදෝරු (කිමිදුම්) ප්‍රියන්ත පෙරේරා යන අය මෙන්ම යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
මෙම යාත්‍රා යුද හමුදා විශේෂ බලකායේ පුහුණු අභ්‍යාසයන් සඳහා යොදා ගැනීමට නියමිත අතර, අඩු පිරිවැයක් දරමින් ඉතා උසස් නිමාවකින් යුක්තව මෙම යාත්‍රා නිෂ්දානය කිරීම පිළිබදව ගරු ආරක්ෂක ලේකම්තුමා නාවික හමුදාවට සිය ප්‍රසාදය පිරිනමන ලදී. එහිදී යුද හමුදා විශේෂ බළකා සෙබළු විසින් “කයක්” යාත්‍රා යොදා ගනිමින් යුද අභ්‍යාසයක් සිදු කරන අයුරු ප්‍රදර්ශණය කිරීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.


