වැදගත් සිදුවීම්
යුද හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (26) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති තරඟයෙන් යුද හමුදා පිල පරදවා ලකුණු 25 - 24 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.
27 Nov 2016
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ගොඩනැගුනු වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත් වී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ අභයපුර සහ සෙනරත්පුර ගම්මානවල ජනතාව සදහාද කැකිරාව ප්‍රදේශයේ පඩිකාරම්මඩුව ගම්මානය සදහා ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.
26 Nov 2016