කේරළ ගංජා කිලෝග්රෑම් 42 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසන් ඊයේ (27) පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී වැල්වැටිතුරෙයි ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 42ක් සමග පුද්ගලයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

