වැදගත් සිදුවීම්
ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි ප්‍රධානීන් සහ විදේශීය සාගරික සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
29 Nov 2016
ගාලු කථිකාව 7 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හත්වන වසරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
29 Nov 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසන් ඊයේ (27) පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42ක් සමග පුද්ගලයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
28 Nov 2016
7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදී කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
28 Nov 2016