66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් මුස්ලිම් ආගමික වැඩසටහන් පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන අද (30) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින්ටත් දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට අධ්යක්ෂ නාවික දන්ත වෛද්‍ය, රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා, අධ්යක්ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම්, කොමදෝරු සුදත් කුරුකුලසූරිය මහතා, නාවික හමුදා මුස්ලිම් සංගමයේ සභාපති, කපිතාන් අක්රම් අලවි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී විය. දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම, ආගමික වැඩසටහන් සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් සමරනු ලබයි.









