උපාය මාර්ගික සාගරික සබඳතාවයන් වර්ධනය කර ගනිමින් 2016 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (29) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 41 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක විදෙස් නියෝජිතයින් 130 දෙනෙකු සහභාගී විය.
නාවික හමුදාව වැඩි ප්රමුඛත්වයක් ලබාදෙමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු කතිකාව සම්මන්ත්‍රණය කලාපීය සාගරික සහයෝගීතාවයන් හා ලෝක මට්ටමේ පොදු සාගරික අභියෝගයන්ට විසඳුම් සාකච්ජා කිරීම මූලික කරගනිමින් පැවැත්වුණු අතර, ගෝලීය වශයෙන් සාගරික සම්බන්ධතා ශක්තිමත් කිරීමට වැදගත්වන කරුණු බොහෝමයක් පිළිබඳ හරවත් කතිකාවක් පැවැත්වීමට මෙවර සමුළුවෙන් හැකියාව ලැබිණි.
මෙහිදී පැමිණි විද්වතුන් විසින් පහත දේශන ඉදිරිපත් කරන ලදී.
• “සාගරික ආරක්ෂාව පිළිබද නව සංකල්ප ඇතිකර ගැනීම සහ අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් උපාය මාර්ගික නාවික සම්බන්ධතාවයන් ඇති කර ගැනීම” - මහජන චීන නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීගේ සහකාර නිලධාරී, රියර් අද්මිරාල් වෑන් ඩස්හොන්ග් මහතා.
• “සාර්ථක උපාය මාර්ගික සාගරික සම්බන්ධතාවයක් ඇති කර ගැනීම පිණිස හැකියාවන් වර්ධනය කර ගැනීමේ ඇති වැදගත්කම”. - ජපාන සාගරික ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් හා සැළසුම්, රියර් අද්මිරාල් රියෝ සකායි මහතා.
• “උපාය මාර්ගික සාගරික සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේදී මුහුණ පෑමට සිදු වන අභියෝග” - පාකිස්තානු නාවික හමුදා දියත් විධාන ආඥාපති, වයිස් අද්මිරාල් සයිඩ් අරිෆ්උල්ලා හුසෙයිනි මහතා.
• “ඉන්දු-ආසියා පැසිෆික් කළාපයේ විකාශනය වෙමින් පවතින සාගරික ආරක්ෂක සබඳතාවයන්ගේ ස්වභාවය”. - එක්සත් රාජධානියේ නාවික ප්‍රතිපත්ති සඳහා වූ කෝබට් මධ්‍යස්ථානයේ සභාපති, මහාචාර්ය ජෙෆ්රි ටිල් මහතා.
• “සාගරික සබඳතාවයන් සහ අන්‍යයෝන්‍ය වශයෙන් ක්‍රියා කිරීම වර්ධනය කිරීමේ වැදගත්කම” - ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නාවික දේශ සීමා භාර ආඥාපති, රියර් අද්මිරාල් පීටර් ලේවර් මහතා.
• “ඉන්දු-පැසිෆික් කළාපයේ සාගරික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම” - නවදිල්ලි, ජාතික සාගරික පදනමේ අධ්‍යක්ෂක, ආචාර්ය විජේ සකූජා මහතා.
• “ආසියාවේ සිදුවන මුහුදු මංකොල්ලකෑම් සහ නෞකාවන්ට එරෙහිව සිදුවන සන්නද්ධ සොරකම් වැලැක්වීම පිණිස කලාපීය සහයෝගීත්වය වැඩිදියුණු කිරීම” - ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ටූන් කා ලියෝන්ග් මහතා.
• “ගෝලීය සම්පත් ආරක්ෂා කිරීම: නාවික හමුදා සහයෝගීතා හා සාගරික පාලනය පිළිබඳ යුරෝපීය දැක්ම” - ජර්මානු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඇන්ඩ්‍රියස් ක්‍රවුස් මහතා.
• “සහයෝගීතාවය පිළිබද නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාවේ දැක්ම” - නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් රොබ් වර්කක් මහතා.
• “සහයෝගීතාවය සහ ගැටුම්: ඉන්දු-පැසිෆික් සාගරික කළාපයේ දැකිය හැකි යථාර්තය” සාගරික බලකා පැසිෆික් මූලස්ථානයේ ජාත්‍යන්තර සබඳතා විශේෂ උපදේශක - ආචාර්ය ජේම්ස් ඒ. බූටිලියර් මහතා.
• “ඉන්දු පැසිෆික් කළාපයේ වර්ධනය වන සාගරික සහයෝගීතාවය” - නාවික විශ්ලේෂක මධ්‍යස්ථානයේ විශ්ලේෂක, නිලන්ති සමරණායක මහත්මිය.
• “අග්නදිග ආසියාවේ උපාය මාර්ගික සාගරික සබඳතා, මැලේසියානු රාජකීය නාවික හමුදාවේ දැක්ම” - මැලේසියානු නාවික හමුදාවේ සහකාර ප්‍රධානී, මාණ්ඩලික සැළසුම් හා සංවර්ධන, රියර් අද්මිරාල් සයීඩ් සහිරුඩීන් පුත්රා මහතා.
• “ප්‍රතිපත්ති මත පදනම් වූ ගෝලීය නාවික විධිවිධානයන්ගේ පවතින වාසි” - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නැගෙනහිර ආසියාව සඳහා වූ කලාපීය සම්බන්ධීකාරක, ජොසපින් උරැන්සා මහත්මිය.
• “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” විචාරාත්මක විශ්ලේෂණය - ඉන්දියානු එක්සත් සේවා ආයතනයේ අධ්‍යක්ෂක, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) පීකේ සිං මහතා.
• “සාගරයේ සිදුවන සාගරික අපරාධ වැලැක්වීම සඳහා ප්‍රථිපලදායක සාගරික සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම හා එම ප්‍රදේශ ආවරණය කිරීම” - මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සාගරික අපරාධ වැඩසටහන් ප්‍රධානී, ඇලන් කෝල් මහතා.
• “උපාය මාර්ගික සබඳතා සහ සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝග ක්‍රියාත්මක කිරීම” - සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී, ඉගෝර් ඉවැන්චෙක් මහතා.
• “සබඳතා ගොඩනැගීම තුළින් නාවික ආරවුල් විසදීම, බටහිර ඉන්දීය සාගර ස්වභාවය” - නැගෙනහිර දකුණු ආසියාව ආශ්රිත අධ්‍යන කටයුතු පිළිබඳ කළමනාකරු, ජෙෆ්රි එස්. පේන් මහතා.
අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්යය, ජයනාත් කොළඹගේ මහතා සම්මන්ත්‍රණයේදී සමාලෝචන දේශනයක් පැවැත්වූ අතර, එහිදී දෙදින සමුළුවේ පැවති දේශනයන්හි කැපී පෙනුනු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදුණි. වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ හත් වන වරටත් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණය තුළින් රටවල් අතර නාවික හා සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් වූ බවත්, ආසියානු පැසිෆික් කලාපයන්හි ආර්ථිකය සීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින මෙවන් වකවානුවක සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනයන්හි වැඩිවීමක් දක්නට ඇති බවද පෙන්වාදුන් අතර, ඒ අනුව ඉන්දු-පැසිෆික් සාගර කලාපයන් ආශ්‍රිතව උපාය මාර්ගික සාගරික ආරක්ෂාව කෙරෙහි සංකීර්ණ බවක් ගොඩනැගී ඇති බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්රනයේ සංවිධාන කමිටුවේ ප්‍රධානී, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විසින් සමුළුවේ ස්තූති කතාව සිදුකළ අතර, වාර්ෂිකව පවත්වනු ලබන මෙම කතිකාව තුළින් උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගොඩනැගෙන පුළුල් සාකච්ජාවන් හා විශ්ලේශනයන් නව මාවතකට පිවිස ඇති බවද සඳහන් කරන ලදී.
සමුළුව සඳහා සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වය ඉතා ඉහලින් අගය කළ රියර් අද්මිරාල් වෑත්තෑව මහතා එම අවස්ථාව වඩාත් අර්ථාන්විත කරමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා විසින් සිදුකළ හරවත් දේශනය හා එතුමන්ගේ සහභාගීත්වය වෙනුවෙන් ද සිය ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම සමුළුව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන් ආරක්ෂක අමාත්‍යංශයටත්, එම අවස්ථාව සඳහා සහභාගී වූ අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්හටත් සිය හෘදයාංගම ස්තුතිය එහිදී පුද කරන සිටින ලදී.
එමෙන්ම, මෙම සම්මන්ත්රනයට සහභාගීවූ හා ඒ සඳහා දිරියක් වූ දෙස් විදෙස් නියෝජිතයින්, ආයතන හා සංවිධානයන් හි විද්වතුන් හට සිය ගෞරවනීය ස්තූතිය පළ කළ රියර් අද්මිරාල් වෑත්තෑව මහතා, සාගරික සම්බන්ධතා පවත්වාගෙන යාම කෙරෙහි ඔවුන් සතු කැපවීම හා කැමැත්ත සැමට සුරක්ෂිත හෙට දිනක් මෙන්ම සාගරික ආරක්ෂාවේ ස්ථාවරත්වය සඳහා ද ඉහවල් වනු ඇති බව සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විද්වත් වෘත්තිකයින් මෙම සමුළුවේ සාර්ථකත්වය සඳහා ලබාදුන් දායකත්වය හා සංකීර්ණ ගැටළු රාශියකට විසඳුම් ගෙන දිය හැකි ඔවුන් සතු දැනුම ගෝලීය පොදු යහපත වෙනුවෙන් යොදාගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළේය. තවද, නාවික හමුදා කාර්ය දින දර්ශනයේ ප්‍රමුඛතම ස්ථානයක් ලබාගෙන ඇති මෙම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාමට බැඳී සිටින බවද එහිදී අවධාරනය කරන ලදී.
මෙවර සමුළුවට සහභාගී වූ හා ඒ සඳහා ශක්තියක් වූ සියලුම පාර්ශවයන් හට නාවික හමුදාධිපතිතුමන් වෙනුවෙන් තම නොමද ස්තූතිය පළ කරන බව සඳහන් කළ එතුමන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහ දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හට මෙන්ම කැපවීමෙන් සහ කාර්යක්ෂමව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් හට සිය නොමද ස්තුතිය පුද කරන බවද එතුමා අවසාන වශයෙන් සඳහන් කරන ලදී. ඒ අනුව, පුරා දින 2 ක කාලයක් පැවති ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2017 ගාලු කතිකාව මගින් නැවත හමුවන බලාපොරොත්තුව ඇතිව, ඉතා සාර්ථක අයුරින් මෙසේ නිමාවට පත් විය.









































