නාවික හමුදා 66 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
2016 දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (1) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
අධ්යක්ෂ නාවික වෛද්‍ය සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන මහතා ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හින්දු ආගමික වැඩසටහනේදී නාවික හමුදාවට හා සියලුම නාවික පුද්ගලයින් හට ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.





