වැදගත් සිදුවීම්
නාවික හමුදා 66 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි

2016 දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (1) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
02 Dec 2016
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (1) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
02 Dec 2016
ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය.
01 Dec 2016
එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.
01 Dec 2016