එළුවතිව් දූපතේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ, උතුරු නාවික විධානයේ පුර්ණ ශ්‍රම සහ තාක්ෂණික දායකත්වයෙන් එළුවතිව් දූපතේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම අද (2) සිදු කෙරුණි.
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ජැටිය ඉදිකිරීමේ කටයුතු සිදු කරන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය දිසාපති එන් වේතනායහන් මහතා සහභාගී විය. උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් ඇතුළු නිලධාරීන් සහ නාවිකයන් රැසක් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.








