66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (2) සහ අද (3) යන දිනයන්හි පැවැත්විණි.
පළමුව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට පහන් දල්වා පුන්‍යානුමෝදනා එක් කෙරිණි. ඉන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සධාතුක කරඬුව වැඩම වූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, පසුදින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි. එහිදී සංඝයාවහන්සේලා විසින් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන්හට එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, යමුණා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා බටහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සහ මිය ගිය රණ විරුවන්ගේ පවුල්වල ඥාතීන්ද සහභාගී වී සිටියහ.



































