මහනුවර රග්බි පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ තවත් අධියරක්, අද (4) පස්වරුවේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි පිටියේදී පැවත්විණි. එම තරඟයෙන් මහනුවර රග්බි පිල පරදවා ලකුණු 37 - 32 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. එම තරඟයේදී උත්සාහක දිනුම් 4 ක්, ප්‍රවර්තන ගෝල 4 ක් සහ දඩුවම් පහර 3 ක් සමගින් තියුණු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකි විය.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, ගරු මලික් සමරවික්‍රම මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.







