ජපානයට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (4) කොළඹ වරායට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
ඒ අනුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් යසුටකා එබාටා මහතා සහ ජපන් නාවික හමුදාවේ අට වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී, කපිතාන් ටොමොනොරි කොබයෂි මහතා මෙසේ නාවික හමුදාධිපතිතුමා හමුවී සුහද කථාබහක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






