නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ සහ ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස යන ආයතනයන්ගේ පෙර පාසල් දරු දැරියන් සහභාගී වී සිටියහ.
මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, වසන්තා ගුණවර්ධන මහත්මිය සහභාගී විය. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන් මෙන්ම පෙර පාසල්හි ගුරුවරුන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.
සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු විවිධ ප්‍රසංගය ඉතා විචිත්‍රවත් උත්සවයක් විය. දරු දැරියන් විසින් ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කරන ලද, ගායන නර්ථන ඇතුළු අනෙකුත් සියළුම ඉදිරිපත් කිරීම් පැමිණ සිටි සියළු දෙනාගේ ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් වූහ. ඉන් අනතුරුව මෙම ප්‍රසංගය සඳහා සහභාගී වූ දරු දැරියන් හට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් ත්‍යාග හා සහතික පත් මෙන්ම සමූහ ඡායාරූපයක් ප්‍රධානය කළ අතර, පෙර පාසල් ගුරුවරියන් සහ සහායිකාවන් දිරි ගැන්වීම උදෙසා ඔවුන් හට තෑගි වවුචර් ප්රදානය කිරීමක් ද එහිදී සිදු විය. ඉන් අනතුරුව එම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය හට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් සමුරු තිළිණයක් ද ප්රදානය කරන ලද අතර, එම අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ මහත්ම, මහත්මීන්හටද එතුමිය අතින් සමරු තිළිණ පිළිගැන්විණි.


























