නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය කෙරේ
වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි. වරාය සේවකයින් විසින් සිදු කළ මෙම විරෝධතාව හේතුවෙන් වරායේ දෛනික කටයුතු වලට විශාල පාඩුවක් රජයට සිදු වූ අතර නැව් සමාගම් වලට ඉන් විශාල නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.
විරෝධතා කරුවන් විසින් බර යන්ත්‍රෝපකරණ සහ විශාල දොඹකර යොදා ගනිමින් නෞකා ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ වූ අතර, එමගින් ජැටියෙහි නැංගුරම්ලා තිබූ වෙළඳ නෞකාවන් සහ යාබද පහසුකම් වලට විශාල වශයෙන් අලභහානි සිදු වී ඇත.
ඒ අනුව නාවික හමුදාව විසින් තමන් හට පැවරී ඇති අන්තර්ජාතික නෞකා සහ වරාය පහසුකම් ආරක්ෂන නීති සංග්‍රහය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත් ජැටිය සහ යාබද පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය. විරෝධතාකරුවන් විසින් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් නෞකාවන්වල මෙහෙයුම් කටයුතු වලට බාධාකාරි වන පරිදි ක්‍රියා කිරීමට ජාත්‍යන්තර නීතිරීතින්ට පටහැනි වන අතර, එය මුහුදු කොල්ලකැමක් වශයෙන් සැලකිය හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක වේ. නාවික පුද්ගලයින් විසින් නාවික යාත්‍රා මඟින් මුහුදු මාර්ග ඔස්සේ හම්බන්තොට වරාය පරිශ්‍රයට පිවිසීමෙන් අනතුරුව විරෝධතාකරුවන්ගේ ග්රහනයේ තිබූ නෞකා ද්විත්වයට ගොඩ වන ලදි. ඉන් අනතුරුව ජැටි ප්‍රදේශය වටා ආරක්ෂක මුර වළල්ලක් යොදවා තත්ත්වය පාලනය කර එහි ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරන ලදි. තවද මෙම කලහකාරි පිරිස් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ‘හයිපීරියන් හයිවේ’ නෞකාව මිලඟ නැවතුම වන ඕමානය බලා යාත්‍රා කිරීමට අවශ්‍ය කටයුතු ද නාවික හමුදාව විසින් සම්පාදනය කරන ලදි. මීට අමතරව ජැටිය සහ ඒ අවට බාධක ඉවත් කිරීම, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම, ටග් යාත්‍රා සහ අනෙකුත් නෞකා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, කාර්යක්ෂම සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම තුළින් වරායේ ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවට හැකි විය.
වරාය සේවකයින් විසින් සිදු කළ මෙම කඩාකප්පල්කාරි ක්‍රියාව හේතුවෙන් ‘හයිපීරියන් හයිවේ’ නෞකාව පසු ගිය දින හතරක් මුළුල්ලේ මෙහෙයුම් ක්‍රියාවලියෙන් බැහැර වීම හේතුවෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් 400,000 ක සම්පූර්ණ නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු විය.
මේ අතර අනෙක් වෙළඳ නෞකාව වන ‘එම්වී හොයැන්ගර්’ නෞකාව තවමත් ජැටියෙහි නැංගුරම්ලා ඇති අතර, එය ඊලඟ නැවතුම් වරායට පිටත් වීමට ප්‍රථමයෙන් එහි ඇති භාණ්ඩ ගොඩබෑමේ අපේක්ෂාවෙන් පසු වේ. ඒ අනුව වරාය කටයුතු සමාන්‍ය තත්ත්වයට පත් වී ගොඩබෑම් කටයුතු සිදු කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇත.























