‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව හම්බන්තොට වරායෙන් දකුණු අප්‍රිකාව බලා පිටත් වේ
දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව මෝටර් රථ හා ජීප් රථ 1,086 පැය 24 ක් ඇතුලත පැටවීමෙන් පසු ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත අද (14) පිටත්ව යන ලදි. කෙසේ වෙතත් වාහන පැටවීම පිළිබඳ කාර්ය වරාය සේවකයින් විසින් ගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් දැඩි බාධා මධ්‍යයේ සිදු කරන ලදි. මෙහිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුර්ණ සහය ඇතිව මෙම කටයුතු මේ වන විට සිදු කර යන අතර, ශ්‍රී ලංකා රජයට සිදු විය හැකි විශාල අලාභයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දයකත්ව ලබා දීම තුළින් වළක්වා ගැනිමට හැකි විය.








