වැදගත් සිදුවීම්
සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපුජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ උදාරතර සංකල්පයට අනුව දෙස් විදෙස් ධන පරිත්‍යාගශිලීන්ගේ ආධාරයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වයෙන්, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි සහ නාවික තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වු ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අද (14) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
14 Dec 2016
‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව හම්බන්තොට වරායෙන් දකුණු අප්‍රිකාව බලා පිටත් වේ

දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව මෝටර් රථ හා ජීප් රථ 1,086 පැය 24 ක් ඇතුලත පැටවීමෙන් පසු ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත අද (14) පිටත්ව යන ලදි.
14 Dec 2016