ඉන්දියාවේදී නිෂ්පාදිත දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම හිටපු නාවික හමුදා කපිතාන් වරයෙකුගේ දියණිය අතින් සිදු කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන්ගේ දෙවන නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දීයානු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අතිගරු චිත්‍රාංගනී වාශීෂ්වර මහත්මිය අතින් අද (15) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එතුමිය 1976 මාර්තු මස 4 වන දින සිට 1981 අප්‍රේල් මස 26 දක්වා නාවික හමුදාවේ හිටපු අධ්යක්ෂ නාවික සැපයුම් හා ලේඛණ වශයෙන් රාජකාරී කළ කපිතාන් වීටිඩී අමරතුංග මහතාගේ දියණියයි.
දිගින් මීටර් 105.7 ක් සහ පළලින් මීටර් 13.6 ක් වූ මෙම නෞකාව ටොන් 2350 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, නෞකාවේ හෙලිකොප්ටරයක් ද රඳවා තබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, මෙහි නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇති අතර, නාවික සැතපුම් 4,500 ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා, අධ්යක්ෂ නාවික දේශිය මිලදී ගැනිම්, කොමදෝරු ධර්මප්‍රිය විජේතුංග මහතා, අධ්යක්ෂ ඉංජිනේරු සේවා, කොමදෝරු කපිල ද සිල්වා මහතා සහ ගෝව නැව් තටාකංගනයේ සභාපති හා කළමණාකාර අධ්යක්ෂ, විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.











