තවත් ක්ෂෙත්ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් දූපතේ දී
උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ සංවිධානය කරන ලද තවත් ක්ෂෙත්ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් මදදවේලී ප්‍රජා ශාලාවේ දී පසු ගිය (13) පවත් වන ලදි.
පුන්කුඩුතිව් දූපතේහි නැවත පදිංචි කරන ලද පුද්ගලයින් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙමගින් ප්‍රතිකාර ලබා ගත් අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ යාපනය අර්ධද්වීපයේ දූපත් අශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන හා සාමජ වැඩසටහන් මෙහිදි ජනතාවගේ මහත් පැසසුමට ලක් විය.
මේ සඳහා සහභාගි වු පුද්ගලයින් නිදන්ගත සහ බෝ නොවන රෝග පිළිබද විශේෂ පරික්ෂණයකට භාජනය කළ අතර, එහිදි විශේෂ ප්‍රථිකාර අවශ්‍ය රෝගින් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලදි. දරුණු නිදන්ගත රෝග, ගර්භනී සහ කාන්තා සෞඛ්‍ය ගැටළු, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු මෙහිදී පරීක්ෂාවට ලක් විය. මෙම සායනය සඳහා අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ හේමාස් ඖෂධ හා ඉන්ටෆාර්මා යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදී.








