නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) පල්ලෙමුනායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී මසුන් ඇල්ලීම සඳහා භාවිතා කළ ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක්, පා වරල් යුගල් 5 ක්, ඇස් ආවරණ 5 ක් සහ මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 250 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන්, භාණ්ඩ සහ මත්ස්‍යයින් තොගය මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

