ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා මන්නාරමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.





