නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) සිලාවතුර මුහුදු ප්රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක් සහ මාළු දැල් 2 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.


