අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එයි
අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සංජු පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුට හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය. හම්බන්තොට වරායේ සිට මුහුදු සැතපුම් 8 (කි.මී 13) ක පමණ දුරකදී එම රෝගීයා පී 441 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි.





