පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්රහනය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, තවත් තරඟයක් අද (30) පස්වරුවේ වැලිසර පිහිටි නාවික හමුදා රග්බි ක්රීඩා පිටියේදී පැවැත්විණි. එහිදී, පොලිස් පිල පරදවා ලකුණු 41 - 28 ක් වශයෙන් සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය. ඒ අනුව උත්සාහක දිනුම් 6 ක්, ප්රවර්තන ගෝල 4 ක් සහ දඩුවම් පහරක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.








