නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වලංගු බලපත්ර රහිතව නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් පුංගුඩුතිව්හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙසේ කුරිකඩ්ඩුවාන් ජැටිය ආසන්නයේදී හක්බෙල්ලන් තොගය ප්රවාහනය කිරීමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඩිංගි යාත්රාවක් සහ අල්ලන ලද හක්බෙල්ලන් 2,394 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


