තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (31) නිමාවට පත් කෙරිණි. ඒ අනුව රාජාංගනය යාය 5 ගම්මානයේ සහ මතුගම මහ රෝහලේ ස්ථාපිත කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරිණි.
මතුගම මහ රෝහලේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමාගේ ආරාධනයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා සහභාගී විය. මෙමගින් රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන් හට මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කර්යය මණ්ඩලයට තම පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ප්‍රජා සත්කාරක සේවාවන් සඳහා සිය කැමැත්ත ඇතිව එක් නාවික පුද්ගලයෙකුගේ මාසික වේතනයෙන් රුපියල් 75 ක මුදලක් බැරවන අතර, එම සමාජ මෙහෙවර අරමුදල මගින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පිරිවැය සපුරා ගෙන ඇත.
එම උත්සව අවස්ථාව ඇමතූ ගරු අමාත්‍යතුමන්, නාවික හමුදාව විසින් මේ දක්වා වසරක් පුරාවට සිදු කරනු ලැබූ මෙම ප්‍රජා සත්කාරක සේවාව සමබන්ධයෙන් සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාවට පුද කරන බැව් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඉතාමත් අඩු පිරිවැයක් දරමින් සිය දැනුම සහ තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා ඇප කැපවී කටයුතු කරන නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය දිවයිනේ අනෙකුත් ආයතනයන් සඳහා මහත් ආදර්ශයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු පාලිත තෙවරප්පෙරුම මහතා, මතුගම පළාත් සභා මන්ත්‍රී, ගරු ජගත් පින්නගොඩ විතාන මහතා, නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්ගේ දයාබර මෑණියන් වන ඩොටී විජේගුණරත්න මැතිණිය, ප්‍රභූ පුද්ගලයන් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.
එමෙන්ම, තලාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය මත නාවික හමුදා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවා ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් එම ප්‍රදේශයන්හි පවුල් 500 කට පමණ පිරිසිදු පානිය ජලය නොමිලේ ලබා දීමට හැකියාව ඇත.
වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 82 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 37,000 කට සහ පාසැල් දරුවන් 28,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී. තවද, මෙම ප්‍රජා සත්කාරක සේවාව ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.
















