උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය දෙසැම්බර් මස 31 වන දින යාපනය, එළුවතිව් දූපතේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. යාපනය දිස්ත්‍රික්කයේ එළුවතිව් දූපතේ පදිංචි සිවිල් පුද්ගලයින් විශාල ප්‍රමාණකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන මගින් බෝවන, බෝ නොවන රෝග, ශ්වසන රෝග, ළමා සෞඛ්‍ය ගැටළු, මුඛ රෝග, දරුණු නිදන්ගත රෝග, ශල්‍ය රෝග, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. ගර්භනී සහ කාන්තා වෛද්‍ය සායනක් ද ප්‍රාථමික මට්ටමින් සිදු කෙරුණු අතර, එම පරීක්ෂාවන් වලදී විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද එහිදී කටයුතු කෙරිණි. තවද මූලික රසායනාගාර පරීක්ෂණ මගින් නිදන්ගත මෙන්ම බෝ නොවන රෝගී තත්ත්වයන් එහි මුලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමටද එම වෛද්‍ය සායනය මගින් හැකියාව ලැබිණි. මෙම ක්ෂේත්‍ර වෛද්‍ය සායන සඳහා අනලතිව් දිසා රෝහලේ වෛද්‍ය කේ. මහේෂ්වරී මහත්මියගේ සහයෝගය ද ලැබුනු අතර, අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ හේමාස් ඖෂධ හා ඉන්ටෆාර්මා යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදී.








