ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව චීන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය. එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා හිටපු චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා සහභාගී වී සිටියහ.





