පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
දින 3ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව සමග වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්රීඩා තරඟ මෙන්ම විවිධ සංස්කෘතික හා කලා වැඩසටහන් කීපයකට ද එම නෞකාවන්වල කාර්යය මණ්ඩලය සහභාගී වීමට නියමිතය. එම නෞකාවන් දෙක ජනවාරි මස 8 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.


