පාකිස්තානයට අයත් “හීන්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අෂ්ෆාර්ක් අලි මහතා සහ කොමාණ්ඩර් හමීඩ් සුල්තාන් මහතා නාවික හමුදාධිපතිතුමා හමු වී සුහද කථාබහක නිරත විය. මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






