නාවික තඨාකාංගනයේ අලුතින් ඉදිකළ යාත්‍රා අංගනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විධානය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
නාවික තඨාකාංගනයේ අලුතින් ඉදි කරන ලද යාත්‍රා අංගනය නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සුරතින් පසු ගිය (5) වන දින විවෘත කරන ලදි. කිමිදුම් සහ ගලවා ගැනීමේ අංශයේ දීර්ඝ කාලින අවශ්‍යතාවයක්ව පැවති මෙම යාත්‍රා අංගනය කිමිදුම් අංශයේ 50 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ඉදි කරන ලදි.
කිමිදුම් අංශයේ 50 වන සංවත්සරයට සමගාමීව 2015 ඔක්තෝබර් මස 26 වන දින මේ සඳහා මුල්ගල තැබිම නාවික හමුදාධිපති තුමන් සහ කිමිදුම් අංශයේ ප්‍රථම නිලධාරි තුමන් වන ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ටී සෝමසුන්දරම් යන මහත් වරුන් අතින් සිදු කරන ලදි. මෙම යාත්‍රා අංගනය නඩත්තු අංගනයකින්, පිටත දහන යන්ත්‍ර ඒකකයකින් සහ ඉන්ධන ගබඩා මැදිරියකින් සමන්විත වේ.
තවද, ප්‍රධාන පෙළේ නවිකරණ කටයුතු සහ ව්‍යුහාත්මක වෙනස් කම් කිහිපයක් සිදු කරන ලද නැගෙනහිර නාවික විධානයේ පිහිටි විධානය ගබඩා සංකීර්ණය විවෘත කිරීම ද එදිනම නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.











