ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (7) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 29 - 21 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය. ඒ අනුව එම තරඟයේදී උත්සාහක දිනුම් 4 ක්, ප්‍රවර්තන ගෝල 3 ක් සහ දඩුවම් පහරක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.
මෙම තරඟය නැරඹිම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගි වී සිටියහ.





