නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නව දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) සින්නපාඩු මුහුදු ප්රදේශයේ දී වලංගු ධීවර බලපත්ර රහිතව නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, ඔක්සිජන් ටැංකි 10 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක් 2ක්, මුහුණු ආවරණ 2 ක්, මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 7 ක් සහ හක් බෙල්ලන් 55 ක් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද එදිනම එම විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිලාවතුර මුහුදු ප්රදේශයේදී රක්ෂණ සහතිකය සහ ලියාපදිංචි පොත නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 3 ක්, මාළු දැල් 3 ක් සහ GPS යන්ත්ර 3 ක් අත්අඩංගුවට ගන්නා ලදි. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.





