ඉන්දීය ධීවරයින් 51 කට සහ ශ්රී ලාංකික ධීවරයින් 3 කට නිදහස
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්රී ලාංකික ධීවරයින් 3 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (10) ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා L 820 යාත්රාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්රාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාගර්’ නෞකාව සහභාගී විය.








